27 C
Colombo
Friday, May 3, 2024

හමුදා කුමන්ත්‍රණයෙන් මියන්මාරයේ කෝවිඩ් එන්නත්කරණය ඇණහිටියි

- Advertisement -

කුමන්ත්‍රණයක් මගින් හමුදාව බලය අල්ලා ගැනීමත් සමග මියන්මාරයේ ක්‍රියාත්මක වූ කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලියද ඇණහිට ඇති බව වාර්තා වෙි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම ඊට හේතුව බවයි.

පසුගිය බදාදා එරට සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයකද නිරත වූ අතර ඉදිරියටත් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කුමන්ත්‍රණයකින් බලය අත්පත්කරගත් හමුදා ආණ්ඩුවක් යටතේ සේවය කිරීමට තමන් සුදානම් නොමැති බව එරට බහුතර සෞඛ්‍ය සේවකයන්ගේ මතය බවයි.

පසුගිය ජනවාරි 27 වනදා සිට මියන්මාරයේ කොවිඩ් එන්නත්කරණය වැඩපිලිවෙළ ඇරඹුණු අතර ඒ ඉන්දියාව විසින් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් පරිත්‍යාග කිරීමත් සමගයි.

කෝවිඩ් පරීක්ෂණ අවම මට්ටමකින් සිදුකරන පසුබිමකදීත් ⁣මේ වනවිට මියන්මාරයෙන් කෝවිඩ් ආසාධිතයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ තුන්දහසක් පමණ වාර්තා වී තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...