29 C
Colombo
Saturday, May 4, 2024

නිදහස් උළෙලේ වියදම් දැක රනිල් පුදුම වෙයි

- Advertisement -

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේ දී හා වියදම් කිරීමේ දී රටේ වත්මන් මුල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ වගේම නිලධාරීන්ගේ වගකීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නිදහස් දිනය සමරුව පිළිබඳව නිලධාරීන් සමඟ අද (26) පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ 75 වන නිදහස් උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බවයි.

ජනතාවගේ විරෝධය සලකා නිදහස් දින උත්සවයේ වියදම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ.

මේ අනුව නිදහස් දින සැමරුම අභිමානවත් සහ අවම පිරිවැයක් යටතේ සැමරීමට මෙහිදී වැඩිදුරටත් අවධානය යොමුව තිබෙනවා.

“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්. එ.ජා.ප.යෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ.. ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා. ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.

මම උදාහරණයක් කියන්නම්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ප්‍රසංගයක් කරනවා. ඒකට අවශ්‍ය මුදල් ඒ අයම හොයාගන්නවා. අපි දෙන්නේ නෙළුම් පොකුණ නොමිලේ දෙන එක විතරයි. අන්න එහෙම අපි වැඩකටයුතු කරන්න ඕනේ.

75 වන සංවත්සරය තියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්නම් රටටටයි හොඳ නැත්තේ. ලෝකය කියයි මේක කරන්නත් සල්ලි නෑ කියලා. ආයෝජකයෝ, සංචාරකයෝ ගේන්න නම් මේ වගේ වැඩ කරන්න ඕනේ”

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...