28 C
Colombo
Sunday, May 5, 2024

ආන්දෝලනාත්මක කෲඩියා සිලනිකා ශාඛය සසුන්ගත කෙරෙයි

- Advertisement -

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් කපා ඉවත් කිරීමට සූදානම්වූ වේයන්ගොඩ – දාරලුව ප්‍රදේශයේ ඇති කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදැසන ජාතික භික්ෂු පෙරමුනේ මැදිහත්වීමෙන් සසුන්ගත කෙරුණා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් එය කපා ඉවත්කර හෝ වෙන යම් ස්ථානයකට රැගෙන ගොස් විනාශ නොවී ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි භික්ෂූන්වහන්සේලා පවසන්නේ.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන සමාගම පසුගියදා මෙම ශාඛය අවට එළිපෙහෙළි කර මාර්ග සංවර්ධන කටයුත්තක යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගේ කඩිනම් මැදිහත්වීම මත මෙම කෲඩියා සිලනිකා ශාඛයට සිදුවීමට ගිය විනාශය වළක්වා ගැනීමට හැකිවිය.

පසුව මේ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවූවා.

කෙසේ වෙතත් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසුවේ දේවානි ජයතිලක මහත්මිය පෞද්ගලික ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අරමුණින් උන්මත්තකව ක්‍රියාකරන බවයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...