32 C
Colombo
Monday, May 6, 2024

මාලිමාවේ අපේක්ෂකයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වෙයි

- Advertisement -

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මාලිමාව ලකුණෙන් තරඟ වදින අපේක්ෂයෙකුට පිහියෙන් ඇන ඇති බව වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යමින් සිටියදීයි.

මේ වන විට පිහි ප්‍රහාරය එල්ල කර ඇති පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ සඳහන් කරන්නේ අපේක්ෂකයා තම නිවසට පැමිණ තම සැමියාට පහර දීම තැත් කිරීමේ දී සැමියා ආත්ම ආරක්ෂාව වෙනුවෙන් අසළ තිබූ පිහියෙන් ඡන්ද අපේක්ෂකයාට ඇන්න බවයි.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...