27 C
Colombo
Thursday, May 16, 2024

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය රජයට පවරා ගනී

- Advertisement -

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම සඳහා ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට හිමි ඉඩම් වන අතර ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසනවා.

මේ සඳහා කැබිනට් ප්‍රත්‍රිකිවක් ද ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒවා දීර්ඝ කාලීන බදු පදනම යටතේ අදාළ ආයෝජන වෙනුවෙන් නිදහස් කර තිබූ ඒවා බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ නිසා එම ඉඩම් යළි පවරා ගැනීමට සිය අධිකාරියට හැකියාව ඇති බවත් මෙම වයාපෘතිවලට අදාළ තක්සේරුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව සඳහන්.

කොළඹ චැතම් වීදියේ ඉදිවෙමින් පැවති ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ කොළඹ 02 ඉදිවෙමින් පැවති ඩෙස්ටිනි ගොඩනැගිලි ඉන්දියානු සහ පාකිස්ථාන ආයෝජකයින් විසින් කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග ඉදිකිරීම් නවතා දැමුවා.

වාණිජමය සහ මහල් නිවාස පහසුකම් සැපයීම සඳහා සැලසුම් කර තිබු අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙම ගොඩනැගිලි දෙකෙහිම නිවාස වෙන් කිරීම සඳහා පාරිභෝගිකයින් මුදල් ද ගෙවා ඇති බවයි.

මහින්ද රාජපක්ෂ රජය සමයේ මත භේදයට තුඩු දුන් ක්‍රිෂ් ව්‍යපෘතිය ඒ ආශ්‍රිත ඇතැම් ගනුදෙනු විමර්ශනවලට පවා හේතු වූ බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...