32 C
Colombo
Tuesday, May 14, 2024

මෛත්‍රීපාලගේ පෙත්සමට දින නියමකෙරේ

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ඉරුදින දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.

මෙලෙස තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළා..

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළ බව සඳහන්.

පාස්කු ඉරුදින දා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණා.

අදාල සිතාසිය නිකුත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා..

RECENT ARTICLES - SINHALA

‘ආදරේ’ අත්අඩංගුවට

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13)...

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්...

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම “තේ තෑග්ගක්”

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...