29 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වෙයි

- Advertisement -

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වුණා.

ඒ නවසීලන්තය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී රැස්කල ලකුණු 580ට පිළිතුරු ලෙසයි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් ලබා ගනිමින් හුදෙකලා සටනක නිරත වුණා.

ලකුණු 37ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් කරුණාරත්න සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් ගොඩ නැඟුවා.

තම පළමු ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 19ක් ලබා ගත්තා.

සෙසු පිතිකරුවන් අතරින් ඕෂධ ප්‍රනාන්දු හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට 5කට වඩා රැස් කර ගැනීමට හැකි වූයේ නැහැ.

මැට් හෙන්රි සහ මිචෙල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 416ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 29ක් රැස් කර ගෙන සිටිනවා.

අද තරගයේ තෙවැනි දිනයයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...