34 C
Colombo
Wednesday, May 8, 2024

පාසල් දරුවෙක් හදිසියේ ඇදවැටී මරුට

- Advertisement -

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද (21) දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පිංවන්ත පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක්.

එම පාසල් සිසුවා මිතුරන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී රෝගීව ඇදවැටීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණා.

රෝහල්ගතකර ඇති සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මියගොස් ඇති පාසල් දරුවා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙන බව සඳහන්.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.

මෙම කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්නා රමේෂ්ගේ නිවසට පොලීසියෙන් පනියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක්...

ඩයනාගේ මන්ත්‍රී පුටුවට අස්වෙලා ගිය කෙනෙක්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ...

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...