30 C
Colombo
Tuesday, May 7, 2024

ටෙලිකොම් එක විකුණගන්න අවුරුද්දක්වත් යනවා – ෆිච් රේටින්ස්

- Advertisement -

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 49.5%ක කොටස් අලෙවි කිරීම සඳහා පමණක් වසරක කාලයක් ගත වනු ඇති බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා.

එම ආයතනයේ නවතම වර්තාවක දැක්වෙන්නේ කොටස් අලෙවිය සඳහා ගණුදෙනුකරුවන් මේ වන විට හඳුනාගෙන නොමැති බවයි.

ඊට වැඩි කාලයක් ගත වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට පාඩු ලබන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි යටතේ මෙලෙස ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් මේ වසරේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආදායමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා.

ආර්ථික අර්බුදය සමඟ ජනතාව සන්නිවේදන අවශ්‍යතාවලට වඩා වැඩි මුදලක් වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීම ඊට හේතුව වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තවද පසුගිය වසරවලට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පාරිභෝගිකයින්ගේ අඩුවක් ද ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...