29 C
Colombo
Saturday, May 4, 2024

“ගෝඨාභයත් නව ලිබරල් පාරේ” – කොමියුනිස්ට් පක්ෂයෙන් දෝස්මුරයක්

- Advertisement -

වර්තමාන ආණ්ඩුවත් ගමන් කරමින් සිටින්නේ නව ලිබරල්වාදී ආර්ථික මාවතේම යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ධන කුවේරයන්ගෙන් විශාල වශයෙන් බදු අය කර පොදුජනයා පීඩාවෙන් මුදාගැනීම ආණ්ඩුවේ වගකීම වුවත් මේ ආණ්ඩුව ද වක්‍ර බදු වැඩි කර ජනතාව පීඩාවට පත් කර ඇතැයි වෛද්‍ය ජී.වීරසිංහ මහතා ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කෘෂිකර්මය හා නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ද සැලැසුමක් නැතැයි චෝදනා කර ඇති හෙතෙම මෙම ගමන්මගේම දිගටම යන්නට ඉඩ දිය නොහැකි යැයි ද පවසා ඇත.

රටේ ආර්ථිකයේ විශාල අර්බුදයක් හටගෙන ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ තට්ටු මාරු වැරැදි ආර්ථික පිළිවෙත් නිසා යැයි ද ජනාධිපතිවරයා සියල්ලට පෙර ජනතාවට ඇත්ත කිව යුතු යැයි ද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වූ ඩිව් ගුණසේකර මහතා ද කොළඹ වරායේ කොටස් විදේශ සමාගම් සතු කිරීමට එරෙහිව පසුගියදා දැඩි විවේචනයක් කළේය.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...