27 C
Colombo
Thursday, May 16, 2024

Breaking: අරගලයේ ක්‍රියාකාරිකයෙකුට කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති මහමඟදී පහරදීලා

- Advertisement -

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂල මහතා හට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා පහරදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කොස්වත්ත – සමගි මාවත ප්‍රදේශයේදී අදාළ පහරදීම සිදුවී ඇති අතර පහරකෑ පියත් නිකේෂල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම වන අවස්ථාවේදී පියත් නිකේෂල මහතා අදාළ සිදුවීම පටිගත කර ඇති අතර එහි දැක්වෙන්නේ ඔහු ගමන් ගත් මෝටර් රථයේ වීදුරු බිද පරුෂ වචන කියමින් පියත් මහතාව රථයෙන් ඉවතට ඇද පහරදුන් බවයි.

චන්දික අබේරත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වනවා.

මේ වන විට වාර්තාවන තොරතුරුවලට අනුව චන්දික අබේරත්න මහතා පසුගිය මැයි 09 වනදා සිදුවීමේදී සිටින වීඩියෝ පටයක් පියත් නිකේෂල මහතා සිය ෆේස්බුක් ගිණුමේ පලකිරීම අදාළ පහරදීමට හේතුව ලෙස වාර්තා වනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...