27 C
Colombo
Friday, May 3, 2024

කොවිඩ් එන්නත්කරණය අවුල් ජාලයක් – ඇතැම් තීන්දු ගැන ඇමතිනියත් දන්නේ නෑ

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (24) පවසන ලදි.

කොවිඩ් පාලනය පිළිබඳ අමාත්‍යවරිය ලෙස එහි වගකීම තමන්ට පවරා ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වන ඇතැම් රැස්වීම් වලට තමන්ව සහභාගී කර නොගන්නා අතර ඒවායේ තීන්දු තීරණ පිළිබඳව තමනුත් නොදන්නා තත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහත්මිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

ඇත්තටම තාක්ෂණික කමිටුවෙන් තීන්දු කරපු දේවල් තියෙනවා. ජනාධිපති කාර්ය සාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා දීපු උපදෙස් තියෙනවා. ඒවා තියෙද්දි සමහරවිට රෑට කතා කරලා කියනවා හෙට වැක්සිනේශන් පටන් ගන්න කියලා.

එහෙම එන්නත්කරණය කරන්න බැහැ. හදිසියේ කෝල් එකකින් සමහර තීන්දු වෙනස් වෙලා තියෙනවා. එන්නත්කරණය පිළිබඳව මාර්ගෝපදේශයක් දෙන්න ඕනා. දැන් එහෙම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර කල් දේවල් කෙරුවෙ. හැබැයි දැන් අපි එහෙම ඒවා දකින්නෙ නැහැ. හදිසියේ වයස් කාණ්ඩය වෙනස් වෙනවා. ඉතින් එතන ගැටළුවක් තියෙනවා

ප්‍රශ්නය – කාටද ඔබතුමිය චෝදනා කරන්නෙ ? කවුද එහෙම කෝල් කරන්නෙ ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්. ඉතිං එහෙම ඒ එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මට මේ කොවිඩ් පාලන වගකීම දීලා තිබුණාට තියෙන සමහර රැස්වීම් අපි දන්නෙ නෑ. ගන්න තීන්දු ගැන දන්නෙ නෑ

එන්නත්කරණය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන්ට උපදේශන මාලාවක් නිකුත් කරන්න ඕන. මේ දක්වා එහෙම උපදේශන මාලාවක් නිකුත් කරලා නැහැ. එන්නත්කරණය සිදුකරන ප්‍රදේශ හෝ ග්‍රාම නිලධාරී වසම්වල සිටින සෞඛ්‍ය බලධාරීන්ට ඒ ගැන දැනුවත් කරලා ඔවුන්ව ඊට සුදානම් සිදුකරන්න ඕන. ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම් දෙන්න අවශ්‍යයි එන්නත ලබා ගන්න එන්න කියලා. ස්ථාන වෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එන්නත ලබාදුන්නාට පස්සේ ඔවුන්ට සංකුලතා ඇති වනවාද කියා සොයා බලන්න අවශ්‍යයි.

මහජන සෞඛ්‍ය ගැන අවබෝධයක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කළාපය මේකට හේතුවක්. සන්නිවේදන ගැටළු නිසා යම් පැටලිලි ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒවා වෙනස් කර ගන්න අවශ්‍යයි


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...