වර්තමාන කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව සිදුකිරීම පිළිබදව තම සංගමය දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) නිවේදනය කරනවා.
අදාල නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ 2021 වසර තුළදී ඉතාමත් සීමිත එන්නත් තොග ප්‍රමාණයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අනුමත කරන ලද එන්නත්කරන සැලැස්ම මඟින් එන්නත් කිරීම සදහා හදුනාගෙන තිබූ ප්‍රමුඛතා කණ්ඩායම් වන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලීසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යාවශ්‍ය සේවා ආයතනවල ඉහළ අවධානම් කණ්ඩායම් බවයි.
තත්ත්වය එසේ තිබියදී තෝරාගත් ප්‍රජාවන් කිහිපයකම අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාතයාංශය ගත් තීරණය ජාතික එන්නත්කරණ සැලැස්මේ සදහන් විද්‍යාත්ම පදනමකින් එකඟවූ ප්‍රමුඛතාවන්ගෙන් දුරස්ව කටයුතු කිරීමක් බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව බෝ වන රෝග පිළිබද ජාතික උපදේශන කමිටුව ලබාදෙන උපදෙස් නොසලකා හැරීම ඉදිරියේදී කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ පාලනය කර ගැනීමට සෘජුව බලපාන බවද අදාල නිවේදනයේ සදහන්.
එබැවින් වෙනත් කරුණු මත පදනම්ව තීරණ ගැනීමෙන් වැළැකී විද්‍යාත්මකව නිර්දේශිත එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට පමණක් එන්නත් කිරීම වහාම නැවත ක්‍රියාවට නංවන ලෙස ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් හා අනෙකුත් තාක්ෂණික ආයතනවලින් ඉල්ලා සිටිනවා.

