30 C
Colombo
Thursday, May 2, 2024

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

- Advertisement -

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවට එක්වෙමින්.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව කෙරෙහි මෙය සෘජුවම බලපාන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙම අවස්ථාවේදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ එලෙස නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි.

ඉන් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපෑම ද ජනාධිපතිවරයා පැහැදිලි කර සිටිය.

ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව බවත් ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...