30.5 C
Colombo
Sunday, April 28, 2024

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ සහාය මානව හිමිකම් කවුන්සිලයේදී බලාපොරොත්තු වෙනවා

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එකට සිටගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

‘ඉන්ඩියා ටුඩේ’ සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව පවසන ලදි.

පසුගිය පෙබරවාරි 25 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, මිෂෙල් බැෂෙලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එන ලදි.

ශ්‍රී ලංකාවේ ගැටුම් නිමවී වසර 12ක් ගත වුවද සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවට එහිදී ඇය චෝදනා කරන ලදි. එම යෝජනාව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කරන ලදි.

ඉන් පසුව පැවති අදහස් දැක්වීමේ වාරයේදී, රටවල් 21ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ අතර රටවල් 15ක් මිෂෙල් බැෂෙලේගේ යෝජනාවට පක්ෂව අදහස් දක්වා තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 47දෙනා අතර දකුණු ආසියානු රටවල් 4ක්ද සිටී. ඒ, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යි.

පාකිස්තානය සහ නේපාලය ශ්‍රී ලංකාවට සහාය දෙන බව පවසා ඇතත් ඉන්දියාව සහ බංග්ලාදේශය තමන් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කරන බවක් මෙතෙක් පවසා නැත.

“මම හිතනවා ඉන්දියාව අවශ්‍ය අවස්ථාවේදී ශ්‍රී ලංකාව ට සහාය දෙයි කියලා. අපි දන්නවා තමිල්නාඩුවේ ඡන්දය පැවැත්වෙනවා ඉදිරියේදී. අපිට තේරුම්ගන්න පුළුවන් තමිල්නාඩුවේ තත්ත්වය. එහි දී ශ්‍රී ලංකාව හැමවිටම මාතෘකාවක් වෙනවා. අපිට එය තේරෙනවා. නමුත් ඉන්දියාව අපේ හොඳම මිතුරා. අපේ ළඟම ඥාතියා. අපේ ප්‍රාර්ථනය ඉන්දියාව අප සමග සිටගනී කියලා.”

ආචාර්ය කොළඹගේ මහතා තවදුරටත් පැවසුවේ ඉන්දියාව මොනයම් ආකාරයේ තීරණයක් ගත්තද එමගින් රටවල් දෙක අතර ඇති මිත්‍රත්වයට හානියක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

මහින්දට වසරක සේවා දිගුවක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ලංකාවේ මරණ වැඩිවෙලා

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...