26 C
Colombo
Tuesday, May 7, 2024

රටවල් 3ක සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් කොළඹට

- Advertisement -

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය ඊයේ (01) කොළඹදී විවෘත කෙරිණි.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ය.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මෙන්ම ඉන්දියාවේ සහ මාලදිවයිනේ ආරක්‍ෂක උපදේශකයන් ද විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.

ඉන්දියානු සාගරය ලෝකය තුළ සුවිශේෂ ස්ථානයක් වන බැවින් සමස්ත ලෝකයටම මෙම ප්‍රයත්නය තුළින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා සඳහන් කළේ, මෙම අංග සම්පූර්ණ නව ලේකම් කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුව 2020 නොවැම්බර් 27 සහ 28 යන දිනවල කොළඹදී පැවැත්විය .

බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මොරිෂස් යන රටවල් නිරීක්‍ෂණ රාජ්‍යයන් ලෙස සමුළුව නියෝජනය කරන ලදි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....