30 C
Colombo
Thursday, May 2, 2024

සචිත්‍ර සේනානායක, ක්‍රීඩා වැරදි සොයන පොලිස් ඒකකයට

- Advertisement -

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරු 10 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කළා. කෙසේවෙතත්, එම ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ.

මේ අතර තරග 3කින් සමන්විත කොදෙව් ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවා හිදි හෙට පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ මෙරට වේලවෙන් අලූයම 3.30 ටයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය මෙරට ක්‍රීඩා ලෝලීන්ට රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලිය ඉන්දීය උප මහද්වීපයේ විකාශය කිරිම සදහා කිසිදු රූපවාහිනි විකාශකයෙකු මෙතෙක් අදාළ තරගාවලියේ විකාශන කටයුතු භාර නොගැනීම හේතුවෙන්. ඒ අනුව සිම්බාබ්වේ, නයිජීරියා, සහ කෙන්යාව ඇතුලූ අප්‍රිකානු රටවල් 54කට සහ දූපත් සමූහයකට පමණක් මෙම තරගය රූපවාහිනිය ඔස්සේ නැරඹිමේ අවස්ථාව හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...