28 C
Colombo
Wednesday, May 22, 2024

රන්ජන්ට අධිකරණයෙන් අවවාද

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබෙනවා.

ඒ රන්ජන් රාමනායක මහතා ඊයේ (22) නීතිඥයෙකු මාර්ගයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එම වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබෙන බව සඳහන් .

කටුගස්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට විවාහා පොරොන්දු දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2010 වසරේදී මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණා .

ඊයේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කොට මීළඟ නඩු දිනය වන සැප්තැම්බර් මස 06 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...