30 C
Colombo
Thursday, May 2, 2024

ශ්‍රී ලාංකිකයින් 257ක් ඩුබායි උද්‍යානයක සරණාගතයන් වේ.

- Advertisement -

තම සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි අල් හබ්දියා උදයානයේ ශ්‍රී ලාංකිකයන් 275 කට අධික පිරිසක් රැදී සිටින බව ඩුබායි මාධ්‍ය වාර්තා කර ඇත.

එම මාධ්‍ය වාර්තා හරහා ඔවුන් පවසා ඇත්තේ සැප්තැම්බර් මාසයේ සිට මෙම පිරිස මෙම ස්ථානයේ සරනාගතයන් ලෙස රැදී සිටින බවත් මෙම පිරිස අතර කාන්තාවන් 10 ක් ද මෙම උද්‍යානයේ රැදී සිටින බවත්ය.

එම පිරිසට රැකියා අහිමි වී ඇති බැවින් ආහාර ද්‍රව්‍ය සහ මුඛ ආවරණ ලබා ගැනීමටවත් මුදල් නොමැති බවත් එම උද්‍යානය අවට පදිංචිව සිටින ඩුබායි වැසියන් එම පහසුකම් මෙම ශ්‍රී ලංකිකකයන් වෙත ලබා දෙන බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් එරට මාධ්‍යට අදහස් දක්වමින් එහි රැදී සිටින ශ්‍රී ලංකිකයන් පිරිසක් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයෙන් ගුවන් ගමන් වාර අවම කිරීමට පියවර ගැනීම නිසා සීමිත පිරිසකට පමණක් ශ්‍රී ලංකාවට පිටත්ව යෑමට අවස්ථාව හිමිවන බවත් ඔක්තෝම්බර් මාසයේ අවස්ථා ගණනකදි තමන් වෙන්කර තිබුණු ගුවන් ගමන් හදිසියේ නවතා දැමීම නිසා ශ්‍රී ලාංකිකයින් මෙසේ සරණාගතයින් බවට පත්වීමට සිදුව ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...