27 C
Colombo
Friday, May 3, 2024

අම්බලන්තොට ගොවි විරෝධතාවය අධිකරණ නියෝගයකින් නවත්වයි

- Advertisement -

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් සිදුකරන සත්‍යග්‍රහයට සහය පළකරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන එක්ව පැවැත් වු විරෝධතාවය අධිකරණ නියෝගයක් මත විසුරුවා හැර තිබේ.

අම්බලන්තොට තවලුවිල ප්‍රදේශයෙන් පාගමනින් පැමිණි විරෝධතාතරුවන් හා සූරියවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක සිට රථ පෙළපාලියක් ඔස්සේ පැමිණි විරෝධතාකරුවන් පෙළපාලියකින් අම්බලන්තොට නගරමධ්‍යයේදී විරෝධතාවයේ යෙදුණි.

එම විරෝධතාවය සඳහා 1500 පමණ පිරිසක් මෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු ජාතික භික්ෂු සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා රැසක් මෙන්ම ගොවි නායකයින් එක්ව සිටින ලදි.

විරෝධතාවය හේතුවෙන් කොළඹ – කතරගම මාර්ගය අම්බලන්තොට නගරයෙන් හරස්වීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් දැඩි වාහන තදබදයක්ද පැවතුනි.

ඒ අනුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන අදාළ විරෝධතාවයේ නියැලී සිටි පිරිස් විසුරවා හැරීමට කටයුතු කර තිබේ.

මේ අතර හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 53ක් ගත ව තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...