25 C
Colombo
Thursday, May 16, 2024

චීනය පස්ස ගහද්දී ණය බරින් මිදෙන්න ඉන්දියාවෙන් ලොකු හයියක්

- Advertisement -

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ දේශීය ණය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළ අවස්ථාවේ ප්‍රකාශ වූ පරිදි මෙරට ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 113.8ක්.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාල පළමු පසුවිපරම ලබන සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵලය අනුව ඔක්තෝබර් මාසයේදී දෙවන වාරිකය මුදා හැරෙනු ඇති.
එම වාරිකය බාධාවකින් තොරව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව සිය ණය තිරසරභාවය ඇති කර ගත යුතු අතර ඒ සඳහා ඇති එකම ක්‍රමය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.

දශක හතකට වැඩි කාලයක් තුළ එහි දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව සිය ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියන්ට ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7.1ක්.
ඉන් චීනයට ඩොලර් බිලියන 3ක්, පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියන 1.6ක් ගෙවිය යුතු වනවා.
ආණ්ඩුව දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාධනීය සැලස්මක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරමින් සිටින නමුත් විදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට අසමත්ව සිටිනවා.
ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ දක්වන මන්දෝත්සාහී බවයි.

විදේශ ඇමති අලි සබ්‍රි පසුගියදා චීනයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී චීන මුදල් අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, එක්සිම් බැංකු සභාපතිවරයා ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමු වී සාකච්ඡා කළ ද මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඵලදායී එකඟතාවකට එළැඹීමට දෙපාර්ශ්වය සමත් ව තිබුණේ නැහැ.
ඒ වෙනුවට විදේශ අමාත්‍යවරයා රටට අනාවරණය කළේ බීජිනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය එක්ව පිහිටුවා ගත් පොදු වේදිකාවට පිවිසීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඔවුන් තවදුරටත් නිරීක්ෂකයෙක් ලෙස පමණක් ඊට සහභාගී වන බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවා.
“අපි චීනයේ සහයෝගීතාව පිළිබඳ දැඩිව බලාපොරොත්තු තබාගෙන සිටිනවා. මගේ චීන සංචාරයේදී එරට විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, චීන එක්සිම් බැංකුවේ සභාපතිවරයා හමු වී සාකච්ඡා කළා. එහිදී ඔවුන් කිව්වේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ණය හිමියන්ගේ පොදු වේදිකාවට ඔවුන් සහභාගී වන්නේ නැහැ කියලා. නමුත් ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් අපට සහයෝගය දක්වාවි. අපිට ඒ ගැන විශ්වාසයි. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය එක්ව පිහිටුවා ගත් පොදු වේදිකාවට චීනය සහභාගී වන්නේ නිරීක්ෂකයෙක් ලෙස විතරයි. චීනය එම වේදිකාවේ කොටසක් වෙන්න සූදානම් නැහැ.”

පොදු වේදිකාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනය මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි?
ශ්‍රී ලංකාවට මෙන්ම ණයහිමි සෙසු රටවලට ඇති ප්‍රශ්නය ද මෙයයි.
චීනයේ ණය රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් චීන ණය උගුලට හසුකර ගැනීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ලොව පුරා ඕනෑතරම් නිදසුන් අතර එකක් පමණයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ පොදු වේදිකාව මග හරිමින් චීනය මේ සැරසෙන්නේ වෙනත් කොන්දේසි පනවමින් රට තවත් උගුලක සිර කිරීමට ද?
ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සෑම පාර්ශ්වයකටම එක හා සමානව සලකන බවට ශ්‍රී ලංකාව මෙම සාකච්ඡා ආරම්භයේදීම සහතිකයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව චීනය සමග කොන්දේසි සහිත එකඟතාවකට එළැඹෙනවා නම් අනෙකුත් ණය හිමියන් දක්වන ප්‍රතිචාරය කෙසේ විය හැකිද යන අවදානම ශ්‍රී ලංකාව කිසිසේත් බැහැර නොකළ යුතුයි.
ණය ප්‍රතිව්‍යුගතකරණ සාකච්ඡා සඳහා මී ළඟට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා චීනයට යෑමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද බීජිං හි නිල සංචායක නිරත වීමට නියමිතව තිබෙනවා.

පසුගිය කාලය තුල චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන් රැසක් මෙරට ද සංචාරය කළා.
සාකච්ඡා සහ හමුවීම් බොහෝ තිබුණ ද ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳ තවමත් නිශ්චිත එකඟතාවකට එළැඹීමට චීනය සූදානම් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
චීනය දිගින් දිගටම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සිතා මතා පමා කරමින් සිටින පසුබිමක සමීපතම අසල්වැසියා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වඩා සාධනීය පියවර රැසක් ප්‍රකාශයට පත් කළා.
එහි නවතම පියවර ලෙස ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමට වසර 12ක් දක්වා සහන කාලයක් ලබා දීමට ඉන්දියාව සැලසුම් කර ඇති අතර එය මෙරට මූල්‍ය බර ලිහිල් කිරීමට උපකාර වන බව සීමාසහිත ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාව (ECGC) හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සෙන්තිල්නාදන් මහතා නිවේදනය කළා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතී. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය පැමිණි පසු, අපි යම් කාලයක් තුළ [අපේ] මුදල් අයකර ගනිමු. අවුරුදු 3-4 කින් අපිට ලැබෙන්න තියෙන දේ අවුරුදු 10-12 දක්වා දික් වෙන්න පුළුවන්,” සෙන්තිල්නාදන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කළා.

පසුගිය වසරේ මෙරට මුහුණ දුන් දැවැන්තම ආර්ථික අර්බුදයේදී කිසිදු පැකිලීමකින් තොරව පිහිටට පැමිණියේ ඉන්දියාවයි.
එම අවස්ථාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ආධාර පැකේජයක් ඉන්දියාව මෙරටට ප්‍රදානය කළ අතර ඒ නිසාම මෙරට ජනතාවට යම් යම් සීමා කිරීම් යටතේ වුවද අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.
එම පැකේජයට ඇතුලත් වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වටිනා ක්‍රෙඩිට් ලයින් පහසුකම තවත් වසරකින් දීර්ඝ කිරීමට ද පසුගිය මැයි මාසයේ දී ඉන්දියාව පියවර ගත්තේ ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථික තත්ත්වයක් කරා යන ගමන වඩාත් සුමට කිරීමේ අරමුණින්.

මෙම වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන 3ක් වටිනා මාස 48ක ණය වැඩසටහනක් අනුමත කිරීමේදී අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ ණය හිමියන්ගේ සහතිකය පළමුව ලබා දුන්නේ ද ඉන්දියාවයි.

එමෙන්ම විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය වේදිකාවේ සිදු කළ බලෑපැම් සහගත ඉල්ලීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම කඩිනම් කළ බවට විවාදයක් නැහැ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමට ද පූර්වගාමී වූ ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය හා එක්ව එම වැඩසටහන සාධනීය ඉදිරි මාවතකට රැගෙනවිත් තිබෙනවා.

නමුත් ඉන්දියාවේ උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් නිරර්ථක එකක් කරනු ඇත්දැයි සැකයක් මේ වන විට මතුව තිබෙන්නේ චීනයේ පසුගාමී ක්‍රියාමාර්ග හේතුවෙනි.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...