33 C
Colombo
Saturday, May 4, 2024

රටේ සිදුවන ලිංගික අපයෝජනවලට විරෝධය පා ඕස්ට්‍රේලියානුවන් පෙළපාලියේ

- Advertisement -

රට තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන හා කාන්තා හිරිහැරවලට විරෝධය දක්වමින් දස දහස් සංඛ්‍යාත ඕස්ට්‍රෙිලියානුවන් රට පුරා පුරා පෙළපාලි පවත්වයි.

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගනිමින් මෑතකදී සිදු වූ ලිංගික අතවර චෝදනා රැල්ලක් හේතුවෙන් මෙම තත්වය සඳහා ඔවුන් පෙලඹී තිබේ.

මෙම චෝදනාවලට එරට කොන්සර්වේටිව් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.

මීට සතියකට පෙර සිට මෙම විරෝධතාවයන් සංවිධානය කරන ලද්දේ එරට නීතිපති ක්‍රිස්ටියන් පෝටර් විසින් 1988 සිදු වූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධව සිදු විමක් හෙළි දරව් කිරිමෙන් අනතුරුවයි.

එසේම හිටපු දේශපාලන උපදේශකවරයකු වන බ්‍රිටනි හිගින්ස්, 2019 දී ඇමති කාර්යාලයකදී දූෂණය කිරිම සම්බන්ධව සිදු විමද මෙසේ මහජන කෝපයට හේතු වි තිබේ.

ලිංගික අපයෝජන චෝදනාවලට රජය දක්වන ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව විරෝධතාකරුවන් දක්වයි. මෙම විරෝධතා රැලි පසුගිය සඳුදා දහවල් සිට ඕස්ට්‍රේලියාවේ නගර 40 ක් පුරා ප්‍රධාන අගනගර වන කැන්බරා, සිඩ්නි සහ මෙල්බර්න් මෙන්ම කුඩා නගර වලද සිදු විය.

– සහන් හේවා ගමගේ –

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...