25 C
Colombo
Thursday, May 16, 2024

අවුරුදු හතරේ දැරියට පහරදුන් මව ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ  චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසනවා.

දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි මෙම කාන්තාව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ.

. කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන් වන මෙම සැකකාර යුවළ, දැරියගේ මුහුණට පහර දීමෙන් , කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති අතර පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසටද හානි සිදු වී ඇති බවත් පොලීසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උතුරන්න සල්ලි තියෙන නිසා රනිල්ගෙන් මිලියන 25ක ‘අෂ්රෆ් ‘කෞතුකාගාරයක්

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් 'අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්' ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන...

නරියාකන්දේ අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක්...

සා.පෙළ සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...