30 C
Colombo
Wednesday, May 15, 2024

අක්ෂි වෛද්‍යවරයා විදෙස් ගතවීමෙන් රත්නපුර රෝහල අර්බුදයක

- Advertisement -

රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් අසරණ තත්වයකට පත්ව තිබෙනවා.

කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන රෝගීන් මෙසේ අසරණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම රෝහලේ දී සතියට දින හයක් අක්ෂි සායන පත්වන අතර, දිනකට සැත්කම් 150ත් 200ත් අතර ප්‍රමාණයක්ද සිදු කරන බවයි.

එහෙත් මෙම රෝහලේ සිටි අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මස විදේශගත වීම නිසා අක්ෂි රෝගීන් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, මෙම රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු ලබාදෙන ලෙස එම රෝගීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...