25 C
Colombo
Thursday, May 16, 2024

ශෂී වීරවංශගේ හැඳුනුම්පත් නඩුව යළි කැඳවයි

- Advertisement -

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කළේ යැයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ලවී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද (12)  දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසටද දැනුම් දී තිබුණා.

එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබාදී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ, සිය සේවාදායිකාවට එරෙහිව මින් පෙර පරවා තිබූ නඩුවක පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ ලේඛන බොහොමයක් සහ එම නඩුවේ සාක්ෂිකරුවන්ව මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවයි.

එකී ලේඛන මේ වනවිට මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය සඳහා ඉදිරිපත් කර ඇති බැවින් ඒවා යළි මෙම අධිකරණයට කැඳවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණා .

ඒ අනුව එම ලේඛනවල සහතික පිටපත් කැඳවා ගැනීමට හැකියාව පවතින බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

මෙම නඩුව අද උදෑසන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කැඳවු අතර අභියාචනාධිකරණය විසින් ඊයේ කර තිබූ නියෝගය අනුව එම නඩුව අංක 02 අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

යම් නඩුවක් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයෙකු අසනීප තත්ත්වයක් හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයක් මත නඩුව වෙනත් දිනයකට යොමු කරන ලෙස ඉල්ලීමක් කළ විට එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකිරීම අධිකරණය ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායක් වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වන තමා අසනීප බව දැනුම්දී තිබියදීත් නඩුව කැඳවීමට පෙර දිනයේදී අධිකරණය විසින් බලකිරීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් කණගාටු වන බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවා.

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...