25 C
Colombo
Thursday, May 9, 2024

මහමඟදී පුද්ගලයෙක්ට පොලිස් නිලධාරියෙක් උඩ පැන පැන පහරදෙයි (වීඩියෝ)

- Advertisement -

රථවාහන පොලීසියේ පොලිස් නිලධාරියෙක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ යම් පුද්ගලයෙක්ට දරුණු ලෙස පහරදී ඔහුව බිම දමා ඔහුගේ ඇඟ මතට උඩපැන පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයන්හී සැරිසරනවා.

රථවාහන පොලීසියේ පොලිස් නිලධාරියෙක් ප්‍රධාන මාර්ගයක් මධ්‍යයේ යම් පුද්ගලයෙක්ට දරුණු ලෙස පහරදී ඔහුව බිම දමා ඔහුගේ ඇඟ මතට උඩපැන පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයන්හී සැරිසරනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලොරි රථ රියදුරෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ අදාල රියදුරා අද උදෑසන පන්නිපිටිය මංසන්ධියේදී රාජකාරියේ නිරතව සිටි මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක්කර ඇති බවයි.

පසුව මහරගම පොලීසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස රියදුරුට පහරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ රියදුරු අත වරද පැවතිය හැකිමුත් පොලිස් නිලධාරියා සිදුකල පහරදීම අනුමත කල නොහැකි බවයි.

ඒ අනුව අදාල පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවත් අදාළ පොලිස් නිලධාරියාගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරට පත් පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්දයෙන් වන මානව හිමිකම් යෝජනාවෙන්ද පසුගිය 23 වනදා 22 ට 11 ක් ලෙස පරාජයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...