27 C
Colombo
Saturday, April 27, 2024

කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

- Advertisement -

කෝවිඩ් 19 මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එම පුවත්පතට පවසා ඇත්තේ එන්නත් කිරීමේ වැඩසටහන පසුගිය බදාදා (31) රාත්‍රියේ සිට අත්හිටුවා ඇති බවයි.

මීට හේතුව ලෙස ඇය සදහන් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම ප්‍රමාදවීම බවයි.

මීට පෙර ඉන්දියාවේ සේරම් ආයතනය ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහතික වූයේ සෙරම් ආයතනයෙන් නියම කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට නියමිත වේලාවට ලැබෙනු ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

නිදහස් පක්ෂෙ නායකයො වෙන්න දඟලන අය ‘අතෙන්’ තරඟ කරලවත් නැහැ – සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන කිසිවෙකු හෝ මැතිවරණයකට අත ලකුණින් තරග කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා (25)...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...