26.6 C
Colombo
Wednesday, May 15, 2024

මොකක්ද මේ No Bra Day කියන්නේ?

- Advertisement -

ඔක්තොම්බර් 13 වන දිනට යෙදී ඇති “නෝ බ්‍රා ඩේ” යනු  කාන්තාවන්ගේ පියයුරු සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇති වාර්ෂික සැමරුමක් වන අතර පියයුරු පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙහිදී ප්‍රමුඛතාවය හිමි වෙනවා.

පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් වශයෙන් 2011  වසරේ ජූලි මාසයේදී ‘නෝ බ්‍රා දිනය’ සැමරීම ආරම්භ වී ඇති අතර පසුව එය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය වන ඔක්තෝබර් මාසය වෙත යෙදී තිබෙනවා.

මෙම දිනය සැමරීමෙහි තවත් අරමුණක් වන්නේ තමාගේ ශරීරය පිළිබඳව ස්වයං විශ්වාසයක් ගොඩනඟාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් අතර සාකච්ඡාවක් නිර්මාණය කිරීමයි.

එමෙන්ම නිතිපතා ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී කාන්තාවන් දැනුවත් කරන අතර පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමට එය උපකාරී වෙනවා.

රෝස පැහැය මෙම දිනය සංකේතවත් කිරීම වෙනුවෙන් යොදා ගන්නා අතර රෝස පැහැ ඇඳුම් පැළඳීමෙන් ඒ සඳහා සහය පළ කළ හැකි වෙනවා.

එමෙන්ම, පියයුරු පිළිකාවෙන් පීඩා විඳින්නන්ට සහය පළ කිරීමක් වශයෙන් මෙන්ම කාන්තා නිදහස සම්බන්ධ ප්‍රකාශනයක් වශයෙන් ඇතැම් කාන්තාවන් විසින් මෙම දිනය තුළ තනපටයක් ඇඳීමෙන් වැළකී සිටිනවා.

මේ අතරම, පියයුරු සෞඛ්‍ය සහ පියයුරු පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට මෙන්ම එම තත්වයන් වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම දිනය මඟින් අවකාශය නිර්මාණය කර දෙනවා.

පියයුරු සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ඔබ වටා සිටින ප්‍රජාව අතර මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් හරහා බෙදා ගැනීම තුළින් ඔබටත් මෙම දිනය සැමරීම සඳහා සහය දැක්විය හැකියි.  

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය දැඩි කෙරේ

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙන්. විශ්වවිද්‍යාල...

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලිමකට කතානායක බෑ කියලා

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය සිකුරාදා (10) පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර තිබුණා. එහිදී අදහස් දක්වා ඇති...

ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා. ඒ ඊට...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...