32 C
Colombo
Monday, May 6, 2024

ප්‍රවේසම් වන්න,ඔබේ ආදරණීයන් ලිංගික වහලකු ලෙස විකිණෙමින් සිටිනවා විය හැකියි.

- Advertisement -

අද වන විට ලෝකය පාලනය කරන්නේ කෝවිඩ් විසිනුයි. බොහෝ අයගේ ව්‍යාපාර කටයුතු හා රැකියා අහිමි වෙලා. ඒත් සොරුන්ට හා ජාවාරම් කාරයන්ට නම් කෝවිඩ් නෙවෙයි ලෝක විනාශය ආවත් ප්‍රශ්ණයක් නෑ. ලෝකයේ බොහෝ නගර දිගට හරයට ලොක් ඩවුන් වෙන පරිසරයක් තුළ මිනිසුන්ගේ සංකමණයන් බොහෝ සෙයින් සීමා වෙලා. ඒ නිසාම ගණිකා ජාවාරමටත් කණකොකා හඞපු බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ.

කොහොම නමුත් ලෝකයේ බොහෝ සමාගම් මාර්ගගත ක්‍රමයට (Online) තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න උත්සාහ දරනවා. Online ක්‍රමයට ගණිකාවන් සොයා ගන්න හැටි කියා දීම නෙවෙයි මේ ලිපියේ අරමුණ. ගණිකා ව්‍යාපාරය කියන්නෙ එකක්. ලිංගික වෙළඳාම (Sex Trafficking) කියන්නෙ තවත් එකක්. ලිංගික වෙළඳාම කියන්නෙ මිනිස් වෙළඳාමේ එක අංගයක් බවත් එය සංවිධානාත්මක අපරාධයක් (Organised Crime) බවත් අප මතක තබා ගත යුතුයි. බොහෝ දියුණු රට වල ගණිකා ව්‍යාපාරය නීත්‍යානුකූල වුවත් ලිංගික වෙළඳාම සාපරාධී වරදක්.

කෝවිඩ් වසංගතයේ සීමා කිරීම් නිසා ලිංගික වෙළඳාම තුනෙන් එකකින් ඉහළ ගොස් තිබෙන බව නවසීලන්තයේ News Room පුවත් සේවය වාර්තා කරනවා. නවසීලන්ත මාධ්‍යවේදීනී නික් ඩෙන්හෝම් විසින් ලබා ගත් මේ අපූරු ඡායාරූපය ලිංගික වෙළඳාම පිළිබඳව බොහෝ අයගේ ඇස් ඇරවීමට සමත් වුණා.

ඡායාරූපයේ සිටින්නේ සුනීතා. ඇයගේ මේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඇයව ලිංගික වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුවයි. වයස අවුරුදු නවයේදී ගණිකා නිවාසයකට විකුණනු ලැබූ සුනීතාගේ දුක්බර මුහුණෙන් ඒ වැනි ඉරණමකට මුහුණ දුන් තවත් දස දහස් ගණනකට හිමි වූ වේදනාවත් අහිමි වූ ගෞරවයත් කදිමට පිළිබිඹු කරනවා. විශාල අඳුරු ඇස් වලින් සුනිතා කැමරාව දෙස බලා සිටින ඉරියව්ව බොහෝ සංවේදී සිත් ඇත්තන්ගේ හදවත් බර කළා. මේ ඡායාරූපය ගන්නා විට ඇයට ඒඩ්ස් රෝගයෙන් වැළඳී ඇති බව අනාවරණය වී වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. නමුත් ඉන් ටික දිනකට පසු ඇය ඒ විශාල අඳුරු දෙනෙත් සදහටම වසා ගෙන තිබුණා.

සුනීතා මුලින් අනාථ නිවාසයක ඇති දැඩි වූ දැරියක්. එහි පාලිකාව විසින් පසුව ඇයව ගණිකා නිවාසයකට විකුණා දැමුණා. සුනීතාට ලිංගික වහලියක් ලෙස සේවය කරන ලෙස ජාවාරම් කරුවන් බල කළා. ඇය අවුරුදු නවයක් පුරා දවසේ පැය 24 පුරාම වැඩ කළ බව කිව්වොත් ඔබ පුදුම වනු ඇති.
සුනිතා නික්ම ගියත් ඇගේ මුහුණ ලොව පුරා සංවේදී හදවත් ඇත්තන්ව තවමත් කම්පා කරවනවා. ඇය දැනට ලොව පුරා ලිංගික වහලුන් ලෙස රඳවාගෙන සිටින මිලියන 4.8 ක ජනගහනයෙන් එක් අයෙක් පමණයි. ලිංගික වහලුන්ගෙන් බහුතරය කාන්තාවන් සහ ළමයින් වුවත් වර්තමානයේ ලා බාල තරුණයන්ද මේ ජාවාරමේ වින්දිතයන් බවට පත්වෙමින් සිටින බව පැවසෙනවා.
වසරකට ඩොලර් බිලියන 230 ක් ආදායමක් උපයන ලිංගික වහල් වෙළඳාම ලෝකයේ මේ වන විට වේගයෙන්ම වර්ධනය වන අපරාධ කර්මාන්තය ලෙස සොයා වර්ග කර තිබෙනවා.

“කෝවිඩ් නිසා අන්තර්ජාල ලිංගික ජාවාරම ජයටම කෙරෙනවා. අන්තර්ජාලය හරහා සිදු කළ ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිදුවීම් මිලියන 45 ක් වාර්තා වී තිබෙනවා. එය කළින් වසරට වඩා දෙගුණයක්.” නිකී ඩෙන්හෝම් පවසනවා.
මාර්ගගත ලිංගික ජාවාරම එහෙමත් නැත්නම් Online Sex Trafficking යනු ලිංගික අන්තර්ගතයන් අන්තර්ජාලය හරහා බෙදා හැරීම විතරක් නොවෙයි. විකිණීම සඳහා ලිංගික වහලුන් සෑදීමත් එහි ප්‍රධාන අරමුණක්. ඩිජිටල්කරණය වී වේගයෙන් හැකිලී ඇති ලෝකයේ මෙය වෙන කවරදාටත් වඩා පහසුවෙන් කරන්න පුළුවන්.

මේ ජාවාරම කෙරෙන්නේ ගණිකා නිවාස වලවත් ගණිකාවන් ගැවසෙන වීදි වලවත් එහෙමත් නැත්නම් අපේ කොල්ලන් බඩුපොට් යැයි හඳුන්වන තැන් වල නෙවෙයි. එය ඔබගේ දරුවාගේ සහෝදරියගේ නැත්නම් සහෝදරයාගේ වසා ඇති කාමරයේ දොර අස්සේ සිදු විය හැකියි. ඔබ රූපවාහිනියේ කසිකබල් ටෙලිනාට්‍යක පවුල් අවුලක් නරඹා සිනාසෙමින් සිටින විට ඔබේ කැදැල්ලේම සාමාජිකයෙක් මේ ජාවාරමේ වින්දිතයකු වී හඞමින් සිටිනවා විය හැකියි. කොටින්ම Internet තිබෙන ඕනෑම තැනකට මේ සූක්ෂම ලිංගික වහල් වෙළඳුන් කුරුමානම් අල්ලනවා විය හැකියි.

ඔන්ලයින් ලිංගික වෙළඳාම වැඩි වීමට හේතු තුනක් ඇති බව ඩෙන්හෝම් පවසනවා. පළමුව ඩිජිටල් තාක්ෂණයේ සීග්‍ර වර්ධනය නිසා පිම්පියන්ට අන්තර්ජාලයට පිවිසීමට ඇති පහසුකම. දෙවැන්න කෝවිඩ් සීමා කිරීම් නිසා සංචාරකයන් සයිබර් අවකාශායේ ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට පෙළඹීම. බොහෝ පිරිස් දැන් තායිලන්තයට හෝ පිලිපීනයට සංචාරයේ යන්නේ ඔන්ලයින් ක්‍රමයට. සමහර පාරිභෝගියන් තමන්ගේම සංචාරක බුබුල් සාදා ගෙන ඇතතේ මෙසේ සයිබර් සෙක්ස් කිරීමට බවයි ඩෙන්හෝම්ගේ අදහස.

තෙවනුව, කොවිඩ් නිසා සිදු වූ දැවැන්ත ආර්ථික බලපෑම නිසා සාගින්නේ සිටින ජනගහණය වැඩි වී තිබෙනවා. දිනකට ඩොලර් 20 කට වඩා අඩුවෙන් උපයන පිලිපීනයේ පවුලකට තමන්ගේ දියණියක් ලිංගික වහල්භාවයට විකිණීමෙන් දිවි ගලවා ගැනීමේ අවස්ථාවක් උදා වනවා. එය සමහර විට පවුලකට ලැබිය හැකි අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. දරිද්‍රතාවය නිසා මිනිස්සු තමන්ගේ දරුවන් ජාවාරම්කරුවන්ගේ දෑතට තල්ලු කරන බවට ශ්‍රී ලංකාවෙනුත් උදාහරණ ඕනෑ තරම් සොයාගන්න පුළුවන්.

Online Sex Trafficking වල ඇති භයානක කම වෙන්නේ වින්දිතයා පීඩාවට පත්ව ඇති බවත් ඇය හෝ ඔහුගේ ජීවිතය ජාවාරම්කරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් අවට සිටින්නන්ට හෝ පවුලේ අයට සොයා ගැනීමට ඇති අපහසුවයි.

– ශානක මදුෂාන් ලියනගම –

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...