27 C
Colombo
Friday, May 10, 2024

ඔබටත් මෙවන් ෆේස්බුක් පණිවුඩ පැමිණියා නම් වහාම ප්‍රවේශම්වන්න

- Advertisement -

ෆේස්බුක් සමාගමේත් මෙටා සමාගමේත් සන්නාම භාවිතා කරමින් මේ දිනවල සූක්ෂම වංචාවක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

Disabled Post Notification Page, Terms of use Services and Policiies, Verify page Support Team ආදී නම් වලින් සාදන ලද ෆේස්බුක් පිටු මගින් ඔබගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම්වලට හෝ බොහෝදුරට ෆේස්බුක් පිටුවලට (Facebook Page) පණිවුඩයක් තබමින් ඔවුන් සදහන් කරන්නේ ඔබගේ ගිණුම හෝ පිටුව අනතුරක ඇති බවයි.

ෆේස්බුක් සමාගමේ නීතිරීති කඩකිරීම හේතුවෙන් මේ වන විටත් ෆේස්බුක් පිටුව ඉවත්කිරීම සඳහා හදුනාගෙන ඇති බැවින් එය නැවත සකස්කර ගැනීම සඳහා පහත ලින්ක් එකට ගොස් අදාළ දත්ත පුරවා දමන ලෙසට ඔවුන් පවසනවා.

එම සබැදියාවන් (Links) ඔබ භාවිතා කර (Click) ඔවුන් ඉල්ලා සිටින දත්ත ලබාදුනහොත් ක්ෂණිකයකින් ඔබගේ ෆේස්බුක් පිටුවේ අයිතිය සම්පූර්ණයෙන්ම ඔවුන් සතු වන අතර යළිත් එය ලබාගැනීමට ඇති හැකියාව අවම මට්ටමක පවතිනවා.

බොහෝ විට මේ Links click කළ පසුව ඔබගේ ගිණුමට ඇතුල් වන ආකාරයේ පෝරමයකින් ඔබගේ ගිණුමේ Passwords ඔවුන් ඉල්ලා සිටිනවා.

බොහෝ විට එය Facebook අඩවියට සමාන නිසා පරිශීලකයන් මේ දත්ත ලබාදීමට කටයුතු කරනවා.

ඉන් අනතුරුව ඔබගේ සම්පූර්ණ ෆේස්බුක් ගිණුම හෝ පිටුව අනතුරට ලක්ව අවසන්.

එබැවින් ෆේස්බුක් සමාගමෙන් ලබාදෙන ඔවුන්ගේ තහවුරු කරන ලද නිල පණිවුඩ (Blue Tick) හැර අන් කිසිදු පණිවුඩයකට ප්‍රතිචාර දැක්වීමට කටයුතු නොකිරීමට වගබලාගන්න.

ෆේස්බුක් පිටුවක ඔබ ඔවුන්ගේ නීති රීති කඩකර ඇති නම් අදාළ ෆේස්බුක් පිටුවේ Page quality මගින් එය පැහැදිලිවම බලාගැනීමට ෆේස්බුක් සමාගම පහසුකම් සපයා තිබෙනවා.

එබැවින් පහත දැක්වෙන ෆේස්බුක් පිටු මගින් ලැබෙන පණිවුඩ ඔබටත් ලැබුණා නම් කරුණාකර එම පණිවුඩ මකා දැමීමට කටයුතු කරන්න.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...