28 C
Colombo
Sunday, May 5, 2024

පොහොට්ටුව ජාතිවාදී නෑ; ලංසා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන කිසිසේත්ම ජාතිවාදී පක්ෂයක් නොවන බවත් ඇතැමුන් එය ජාතිවාදී ගොඩට ඇදගෙන යාමට උත්සාහ කරන බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ පසුගියදා ත්‍රිකුණාමලයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. සමහරු ජාතිවාදී ගොඩට අපිව ඇදගෙන යන්න හදනවා. අපි ජාතිවාදී පක්ෂයක් නොවන බව පැහැදිළිවම කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් සමඟ වැඩ කරන පක්ෂයක්. සියලු ආගම් සමඟ එකතු වෙලා වැඩ කරන පක්ෂයක්.

සමහර පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දුවනවා. ඒක ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂයක්. එහි අපි ජාති, ආගම්, පක්ෂ බේද බලන්නේ නැහැ. ඔවුන් යූ.එන්.පීද, ශ්‍රී ලංකාද, පොහොට්ටුද කියල බලන්නේ නැහැ. අපි රටක් විදියට සියලු දෙනා වෙනුවෙන් රට දියුණු කරන්න, ආර්ථිකය සංවර්ධනය කරන්නයි බලන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...