29 C
Colombo
Saturday, May 4, 2024

රූපලාවණ්‍ය තරඟ නියාමනය කිරීමට ආණ්ඩුව සැරසෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව හා සම්බන්ධ රූපලාවණ්‍ය තරඟාවලි නියාමනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ අවසන් තරඟයේදී ඇතිවූ මතභේදාත්මක සිද්ධියෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරඟයේ ජයග්‍රාහකයා වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හා ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි මහත්මිය අතර ඇතිවූ සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස කැරොලයින් ජූරි මහත්මිය හා හිටපු නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර යන අයව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබුවා.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ එම සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ නම භාවිතා කරමින් පවත්වනු ලබන ඕනෑම නිරූපන උත්සවයක් නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

කාන්තාවන් හා ළමුන් සම්බන්ධ පෞද්ගලික සිදුවීම් නියාමනය කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමට මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විවාහක රූ රැජින තරඟාවලිය වැනි තරඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නියාමනය කළ යුතු බවෙයි.

මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීම සඳහා අමාත්‍යාංශය, පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා පවත්වන බවද ඔහු පුවත්පත සමඟින් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...