28 C
Colombo
Sunday, May 5, 2024

විදෙස් ඔත්තු සේවා ආවරණයට චීනයෙන් නව වැඩපිලිවෙලක්

- Advertisement -

විදෙස් ඔත්තු සේවාවල නිරීක්ෂණ ආවරණය කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සදහා චීනය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ මේ යටතේ එරට රාජ්‍ය සේවකයන් බහුතරයකට විශේෂ ඔත්තු සේවා පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.

විදේශගත වන සේවකයන්ට මෙය අනිවාර්යයෙන්ම අදාළ වන බවත් ඒ යටතේ තොරතුරු රැස්කිරීමට මෙන්ම විදේශ රටවල තොරතුරු මෙහෙයුම්වලට ප්‍රතිචාර දැක්වීමටද කටයුතු කෙරෙන බවත් සදහන් වේ.

විශේෂ තාක්ෂණික උපකරණ භාවිතය මෙන්ම විරුද්ධ පාර්ශවවල එවැනි උපකරණ නිෂ්ක්‍රිය කිරීමටද මෙහිදී පුහුණුව ලබාදන බව අදාළ වාර්තාවේ දැක්වේ.

මේ සදහා චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ රීති සහ ප්‍රතිපාදන හදුන්වා දී ඇති බවද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...