28 C
Colombo
Sunday, May 5, 2024

සුඩානය වගේද අපි !

- Advertisement -

සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව විරෝධතා දැක්වූ ගුරුවරයෙකුට දරුණු ලෙස වධහිංසා කර මරා දැමූ බවට චෝදනා ලබා සිටි, එරට රජයේ බුද්ධි අංශ නිලධාරීන් 29 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට තීරණය කෙරිණි. සුඩානයේ ඔම්ඩූර්මන් අධිකරණය මගින් මෙසේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි පිළිගන්නා ලදි.

මෙම නඩුව විභාග කළ විනිසුරු සාදෙක් අබ්දෙල් රහුමාන් පවසා තිබුණේ අල් කීර් නම් මෙම ගුරුවරයා සුඩානයේ නැගෙනහිර පළාතේ කසාලා ප්‍රදේශයේ පිහිටි බුද්ධි අංශවලට අයත් ස්ථානයකදී දරුණු ලෙස වධ දී මරා දමා ඇති බවයි. එහෙත් බුද්ධි අංශ මගින් අදාළ ගුරුවරයාගේ පවුලේ සාමාජිකයන්ට දන්වා ඇත්තේ ඔහු අත්අඩංගුවේ සිටියදී වස බී මියගිය බවයි.

අධිකරණයේදී තහවුරු වී ඇත්තේ එය හිතාමතා සත්‍යය වසන් කිරීමට සැලසුම් කරන ලද කතාවක් බවයි. මෙම නඩු විභාගය පැවැත්වූ සුඩානයේ ඔම්ඩූර්මන් අධිකරණය ඉදිරියට රැස්වූ සිය ගණනක් පිරිස අල් කීර්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටීම කැපී පෙනෙන සිද්ධියකි. සුඩානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීග්‍රයෙන් ඉහළ යෑමත්, ඊට අදාළ ව ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීමත් ඝාතනයට ලක්වූ ගුරුවරයා ඇතුළු ජනතාවගේ දැඩි විරෝධයට හේතු විය.

2018 දෙසැම්බර් මාසයේදී මේ විරෝධතා ආරම්භ වූ අතර, ජනතාව බල කර සිටියේ අල් බෂීර් ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවටයි. හිටපු ජනාධිපතිවරයා 2019 අප්‍රේල් මාසයේදී හමුදා අත්අඩංගුවට පත් විය. මේ වන විට එරට පාලනය ක්‍රියාත්මක වන්නේ ඒකාබද්ධ මිලිටරි – සිවිල් කවුන්සිලයක් හරහා ය. ඒ 2019 අගෝස්තු මාසයේ සිට ය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණවලදී දෙසිය පනහකට අධික සිවිල් වැසියන් පිරිසක් රජයේ ආරක්ෂක අංශ මගින් ඝාතනය කර ඇති බවයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ලංකාවේ ආරක්ෂක අංශ යටතේ තිබූ බුද්ධි අංශවලට ද චෝදනා එල්ල විය. මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදු කෙරුණු අපරාධ ඒ අතර කැපී පෙනිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සිද්ධි රැසකි. මෙම සිදුවීම් කැපී පෙනුණු බව පවසන්නේ අනෙකුත් අපරාධ සුළු ඒවා නිසා නොවේ. මේවාට අදාළ බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධ වී ඇතැයි යන සැකය අධිකරණය ඉදිරියට පැමිණ ඇති නිසා ය.

බුද්ධි අංශ සාමාජිකයන් හෝ කවුරුන් වුවද, අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්නම්, සාධාරණ නඩු විභාගයකින් පසු, ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු කිරීමට සමත් වුවහොත් නිදහස් කළ යුතුය. එසේ නැතහොත් ඔවුන්ට නීතියට අනුව දඬුවම් හිමිවිය යුතුය. සුඩානයේ මෙන් නොව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැමිණි ආණ්ඩුව යටතේ ඊට අදාළ විමර්ශන තරමක් සිදුවුවද, අවසානයක් දක්වා, එනම් එම අපරාධවලට අණදුන් පුද්ගලයන් දක්වා විමර්ශන ගෙනයන්නට ඉඩක් තැබුවේ නැත. මේ ආණ්ඩුව කියන්නේ ඒ, සැක මතුවී ඇති අණ දුන් පාර්ශ්ව බලය දරන ආණ්ඩුවකි. රටවල නම් වෙනස් වුවද, බලය ලබාගැනීමේ සහ බලය පවත්වා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩ සිදු වන්නේ එක ම ආකාරයකට ය. එහිදී ජීවිත යනු අදාළ ම නැති වචනයකි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...