32 C
Colombo
Wednesday, May 8, 2024

රට වහන්නේ නැහැ – අගමැති

- Advertisement -

පසුගිය සති කිහිපය තුල කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් සමග පැවති හමුවේදි අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කළා.

එහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය ද පළකළා.

අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවදානය යොමුවී ඇත්තේ පවතින වසංගත තත්වය යටතේ වුව ද ලොව පුරා සිටින ආයෝජකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුකර ගැනීම බවයි.

එම ආකර්ෂණය සහ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීන රජයේ සහයෝගය උදක්ම බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත්...

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...