27 C
Colombo
Friday, May 3, 2024

තහනම් කළ මංගල උත්සව නිවෙස්වල හෝ වෙනත් ස්ථානවලවත් පැවැත්විය නොහැකියි – යුද හමුදාපති

- Advertisement -

සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඊට අමතරව කොව්ඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වා ගත යුතු නිසාවෙන් වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා පසුගියදා සහභාගී වූ මංගල උත්සවයක ඡායාරූප මිලින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ පලකර තිබෙනවා.

ඔවුන්ගේ හිතවත් නීතිඥවරයෙකුගේ විවාහ මංගල උත්සවය කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පවත්වා ඇති අතර ඔවුන් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නොතකමින් හැසිරී ඇති ආකාරය අදාල ඡායාරූපවලින් දැක්වෙනවා.

ඊට අනුව කිසිදු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන ගොස් නොමැති අතර මුව ආවරණ පැළදීමක් හෝ සිදුකර නැහැ.

මේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ජයගත හැකි ආකාරය පිළිබදව මිලින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්..

RECENT ARTICLES - SINHALA

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...