33 C
Colombo
Wednesday, May 8, 2024

චීන විදේශ ඇමතිවරයාත් දිවයිනට

- Advertisement -

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එළැඹෙන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආසන්න අවස්ථා තුනකදී චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙක් මේ වන විට මෙරටට සංචාරය කර තිබෙනවා.

චීන ආරක්ෂක ඇමති වී ෆෙන්ග් පසුගිය සතියේ මෙරටට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූවා.

පසුගිය වසරේදී චීනයේ විදේශ කටයුතු ප්‍රධානියා වන යැං ජිචි ද ද්විපාර්ශවික සාකච්ඡා සඳහා මෙරටට පැමිණියා.

විදේශ ඇමති වැන්ග් සිය කලාපයේ සංචාරයේ කොටසක් ලෙස මෙරටට පැමිණීමට නියමතයි.

මේ අතර චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කර ඇති වරාය නගරයේ කටයුතු නියාමනය කිරීම සඳහා වරාය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සඳුදා දිනයේ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...