33 C
Colombo
Saturday, May 4, 2024

පිළියන්දල හුඳෙකලාව පැය 8 න් නිදහස් වුණේ කොහොමද?

- Advertisement -

පවත්නා කොවිඩ් පැතිරයාමේ ප්‍රවණතාවය සැළකිල්ලට ගනිමින් ඊයේ (02) උදැසන සිට පිළියන්දල පොලිස්බල ප්‍රදේශය හුදෙකලා කලද එය සවස වන විට ඉවත් කර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුඳෙකලා කිරීම බොහෝ දෙනා විමතියට පත් කරන පුවතක් බවට පත්ව තිබෙනවා.

උදෑසන විට පැවති කොවිඩ් අවධානම් තත්ත්වය රාත්‍රිය වන විට පැය කිහිපයක් තුළ පහව ගියේ කෙසේ දැයි පිළියන්දල ජනතාව ප්‍රශ්න කරන බව අප වාර්තාකරුවන් පැවසුවා.

මන්ද මේ වන විටත් පිළියන්දල අවට ප්‍රදේශ රැසකින් තවමත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන පරිසරයක් තුළ එම හුඳෙකලා තත්ත්වය ඉවත් කිරීම ප්‍රදේශවාසීන් අනතුරේ හෙලීමක් බවටයි ඔවුන් සදහන් කරන්නේ.

ඒ පිළිබදව අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ මෙම හුඳෙකලා තත්ත්වය ඉවත්කිරීම ප්‍රදේශයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ බලපෑම මත සිදුව ඇති බවයි.

‍ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල – මාවිත්තර නිවසේ පිහිටුවා ඇති ඔහුගේ කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙකුද මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් අමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට හෝ යොමුවී නොමැති අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා පක්ෂ හිතවාදීන් සමඟ පැවති රැස්වීම්වලටද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පිළියන්දල අවට ඇති කර්මාන්තශාලා සහ හෝටල්වල සේවය කරන පුද්ගලයන් හරහා වෛරස පැතිරීමේ අවධානමක් ඇතත් අදාළ හුදෙකලා කිරීමේ තීරණය ආපසු හැරවීම මගින් එම ප්‍රදේශය ඉදිරියේදී දැඩි අර්බුදයකට යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් අද (03) උදැසන 05 සිට පිළියන්දල ග්‍රාම නිළධාරි වසම් 10ක් පමණක් හුදකලා කරන බව කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හෙට උදෑසන සිට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් වන්නේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය, නාම්පමුණුව සහ පැළැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් පමණක් හුදෙකළා කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...