31 C
Colombo
Saturday, May 4, 2024

ඊයේ ආසාදිතයින් 1923 ක් වාර්තාවූ ප්‍රදේශ

- Advertisement -

ඊයේ (03) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1923 දෙනෙකු වාර්තා වුණා.

කොවිඩ් -19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 529 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 64 ක්, බොරලැස්ගමුව 47ක්, මොරටුව 54ක්, පිළියන්දල 60ක්, පිටකෝට්ටේ සහ මුල්ලෙරියාවෙන් ආසාදිතයින් 35දෙනා බැගින් සහ තලංගම ආසාදිතයින් 18ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 264 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

පානදුර දකුණ ආසාදිතයින් 64ක්, පානදුර උතුර 26ක්, හොරණ 23ක්, කළුතර දකුණ 32ක්, මොරගහහේන 41ක් සහ බේරුවල 47ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 232 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 26 දෙනකු කඩවත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

දෙම්පේ 23ක්, කටුනායක 16ක්, රාගම සහ නිට්ටඹුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනා බැගින් වාර්තා වුණා.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154ක්, කුරුණෑගල 122ක්, මාතර 81 ක්, මොණරාගල 06, කෑගල්ල 04, අම්පාර 20ක්, අනුරාධපුර 69ක්, ත්‍රිකුණාමලය 10, වව්නියාව 02, මහනුවර 58ක්, නුවරඑළිය 104ක්, රත්නපුර 82ක්, පුත්තලම 18, යාපනය 16ක්, මාතලේ 50, පොළොන්නරුව 66, කිලිනොච්චි 06, මඩකළපුව 04, හම්බන්තොට 11, මුලතිව් 02, මන්නාරම 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙක් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...