30 C
Colombo
Thursday, May 2, 2024

ඵලදායීව අවුල් නිරාකරණයට සහාය වීම සඳහා යුරෝපා සංගමයෙන් ව්‍යාපෘතියක්

- Advertisement -

පළාත් පාලනයේදී සමතකරණය යනු වැදගත් අංගයක් බවත්, අඩු පිරිවැයකින් වඩා ඵලදායී ලෙස ප්‍රජා ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රම උපායන් ඵලදායීව අවුල් නිරාකරණයට සහාය වීමේ (SEDR) ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන් බව යුරෝපා සංගමයේ මෙරට හා මාලදිවයිනේ තානාපති ‘ඩෙනිස් චයිබි’ පවසයි.

සම්මුතියකට එළඹීමේ අගය වඩාත් හොඳින් මහජනතාවට ඒත්තු ගැන්වීමේ හැකියාව සමථකරණය වෙත ඇති බවත්, එහි ප්‍රතිපලයක් වශයෙන්, යුක්තිය කෙරෙහි වැඩි විශ්වාසයක් සහ පැහැදීමක් ඇති කරගැනීමටද ජනතාවට හැකි වනු ඇතැයි හෙතෙම සඳහන් කරයි.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීම, සමථකරණ සේවාවන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරමින්, යුරෝපා සංගමයේ අරමුදලින් ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීම (SDER) යනු යුක්තිය වෙත ප්‍රවේශය පිළිබඳ වසර හතරක ව්‍යාපෘතියකි. ආසියානු පදනමෙහි හවුල්කාරිත්වයෙන් යුතුව බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබන්නේ යුරෝපා සංගමය විසිනි.  යූරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධවීම, පරිවර්තන සහ සංහිඳියාව වඩාත් ශක්තිමත් කිරීම,  වැඩපිළිවෙළ යටතේ වන එක් අංගයක් වේ.        

මේ සම්බන්දයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල අධ්‍යක්ෂ ‘මාර්යා රෙහ්මාන්’ කියා සිටියේ, SEDR ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙහි ලා පෙරමුණ ගැනීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉමහත් උනන්දුවකින් බලා සිටින බවවත්,   මෙම ව්‍යාපෘතිය 16 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය සමග මෙන්ම සමථකරණ කටයුතු වෙත තරුණ කොටස් සහභාගි කරගැනීම, ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම ඇතුළත් කරගැනීම සහ කොන් කෙරුණු (ආන්තීකරණයට ලක් වූ) කණ්ඩායම් හට ඉහළ ප්‍රවේශයක් ලබාදීම සහතික කරමින්, වඩාත් විවෘත ප්‍රජාවන් වෙත දායකත්වය ලබාදීම උදෙසා වන සිය ආයතනික කැපවීම සමග ද මනාව ගැලපීම එම සතුට වඩාත් තීව්‍ර කරන බවයි.

විශේෂයෙන්ම SEDR ව්‍යාපෘතිය මගින් උතුරු, නැගෙනහිර, සහ ඌව පළාත් වල ප්‍රජා-මට්ටමේ සහ තනි පුද්ගල යන දෙපාර්ශ්වයෙහිම දුක්ගැනවිලි සම්බන්ධයෙන් ආරවුල් නිරාකරණ කටයුතු වැඩිදියුණු කරනු ඇත.  ප්‍රජා සමථ මණ්ඩල වලට සහය ලබාදීම මෙන්ම මැදිහත්වීම් සම්බන්ධයෙන් දිවයින පුරා මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද මෙම ව්‍යාපෘතිය විසින් කටයුතු කරනු ඇත.  ඒ ඒ පළාත් වල ආරවුල් නිරාකරණයෙහි ලා වඩාත් ඇතුළත් ප්‍රජාවකගේ සහභාගිත්වය සහ සමාජ ඒකාබද්ධතාව දිරිගැන්වීම ද SEDR ව්‍යාපෘතිය මගින් සිදුකරනු ඇත.

මෙම ව්‍යාපෘතිය කටයුතු කරනු ඇත්තේ, අධිකරණ අමාත්‍යාංශය, සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ සිවිල් සමාජ හවුල්කරුවන් සමග හවුල්කාරිත්වයෙන් යුතුව ය.  විශේෂයෙන්ම, මෙම ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් වලදී සමථකරණ පුහුණු නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමථකරණ ප්‍රජා සමථකරුවන්, සහ ඉඩම් සඳහා විශේෂිත සමථකරුවන් සමග සෘජුව ම එක්ව කටයුතු කරනු ඇත. 

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...