30 C
Colombo
Tuesday, May 7, 2024

දිලිත් ව්‍යායාම උපකරණ බඩු කඩයක් දමා දින 4 කින් දිවයින පුරා ව්‍යායාම මධ්‍යස්ථාන 500 කට කැබිනට් අනුමැතිය

- Advertisement -

රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය තරුණ පරපුර තුළ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා යම් උත්ප්‍රේරකයක් සැපයීම අරමුණු කරගත් බවයි සදහන් වන්නේ.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 ක් වන අතර එමඟින් වසරකට මහජනතාව 100,000 කට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව සදහන්.

මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙනවා.

එමෙන්ම අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.

මේ අතර ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කළා.

අංක 445, ගාලු පාර, කොළඹ යන ලිපිනයේ ඇති මෙම ව්‍යාපාරික ස්ථානය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඩිජිටල්කරණයට චීන සහය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද...

මෙරට නිල සංචිත වත්කම්වල 9.6% ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...