27.5 C
Colombo
Wednesday, October 4, 2023

මව ජංගම දුරකතනය තමන්ගෙන් ගත්තැයි උරණවූ දරුවෙක් ගෙළ වැළලාගෙන (වීඩියෝ)

- Advertisement -

ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය ඔස්සේ පරිගනක ක්‍රීඩාවකට යොමුවී සිටි සිසුවෙකු ඉන් මුදවා ගැනීම සඳහා ජංගම දුරකථනය මවගේ භාරයට පත් කරගැනීමට උරණ වූ 15 සිසුවෙකු නිවසේ බාල්කයක ගෙළ වැලලාගෙන මිය ගිය පුවතක් මාතර – රොටුඹ පොලිස් වසමෙන් වාර්තා වනවා.

මෙසේ ගෙළවැලලාගෙන මියගොස් ඇත්තේ පල්ලේකන්ද – රොටුඹ ප්‍රදේශයේ ජීවත්වූ මාතර මහින්ද රාජපක්ශ විද්‍යාලයේ 10 වසරේ ඉගනුම ලබන ජාසිං කන්දගේ සෙනුර ප්‍රමෝද්‍ය නිපුනගේ නමැති පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක්.

පාසලේ අධ්‍යයන කටයුතු සඳහා මෙම සිසුවා සහභාගී නොවන බවට ඉකුත් 23 වනදා අදාළ සිසුවාගේ දෙමව්පියන් හට පාසලේ ගුරුවරුන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව දෙමව්පියන් ඒ පිළිබඳ සියා බැලීමේදී දැනගෙන ඇත්තේ පාසලේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙකලා ඔහු පරිගනක ක්‍රිඩාවකට යොමු වී ඇතිබවයි.

පසුව සෙනුරගේ මව විසින් ඔහුගේ ජංගම දුරකතනය සිය භාරයට ගෙන ඇති අතර ඊට උරණ වූ සෙනුර දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවක මුළුතැන්ගෙයි බාල්කයක පොරවනයක් ආධාරයෙන් ගෙළ වැලලාගෙන තිබෙනවා.

දරුවා ගෙළ වැළලාගෙන සිටි ආකාරය දුටු දෙමාපියන් ඔහුව මාවරල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර අද (26) දිනයේ ඔහුගේ දේහය මිහිදන් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...