25 C
Colombo
Monday, May 20, 2024

ජන අරගලයට එල්ල වුණු ප්‍රහාරයට වසර දෙකයි

- Advertisement -

පැවති මහජන පීඩක පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින් ගොඩනැඟුණු සාමකාමී අරගලයට එල්ල වුණු නින්දිත ප්‍රහාරයට අදට (09) වසර 02ක් සපිරෙනවා.

2022 වසරේ මැයි 09 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව ගාලු මුව දොර පිටියේ මෙන්ම  අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල රැස්ව සිටි සාමකාමී විරෝධතාකරුවන්ට  ප්‍රහාරයක් එල්ල වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් සහ ආධාරකරුවන් පිරිසක් 2022 වසරේ මැයි මස 09 වෙනිදා උදෑසන  අරලියගහ මන්දිරයට රැස්වීමෙන් අනතුරුව ‘මයිනා ගෝ ගම’ රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීමට කටයුතු කර තිබුණා.

පසුව ඔවුන් ගාලු මුව දොර පිහිටා තුබූ ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමිය දෙසට ගමන් ගෙන එහි රැඳී සිටි සාමකාමී අරගල කරුවන්ට පහර දී එම ස්ථානයේ තිබූ කූඩාරම්, පුස්තකාලය ආදී ස්ථානවලට පහර දී ගිනි තබා විනාශ කරනු ලැබුවා.

සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ දිවයින පුරා දැඩි නොසන්සුන්කාරී  තත්වයක් හට ගත් අතර කොළඹ මෙන්ම අනෙකුත් නගරවලද සාමාන්‍ය ජනතාව අරගලයට පහර දීමට පැමිණි  පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව පෙළ ගැසෙනු දක්නට ලැබුනා.

එම අවස්ථාවේදී කෝපයට පත් සාමාන්‍ය ජනයා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පැමිණි බස් රථ  විනාශ කිරීම මෙන්ම ඔවුන්ට පහර දී බේරේ වැවට බස්වා තිබූ අයුරු දැක්වෙන වීඩියෝ පටද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

කෙසේවෙතත්, හෝරා කිහිපයක් පුරාවට පැවති මෙම භීෂණකාරී තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදු වුණා.

එමෙන්ම, අරගල භූමියට පහර දුන් අවස්ථාවේදී පොදු ජන පෙරමුණේ ප්‍රචණ්ඩකාරී පිරිස් පාලනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලීසියට මෙන්ම අනෙකුත් බලධාරීන්ටද චෝදනා එල්ල වෙනවා.

මෙම අවස්ථාවේදී ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම වලක්වා නොගැනීම හා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හට අරගල භූමියට ඇතුළුවීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා එල්ල වුණා.

ඔහුට ඇති මහජන විරෝධය උච්චස්ථානයට පැමිණෙමින් 2022 මැයි 10 වැනිදා කොළඹ ගංගාරාමය අසළදී පිරිසක් මහමඟදීම ඔහුට පහරදී තුවාල සිදුකරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...