27 C
Colombo
Friday, May 3, 2024

විමල්ගේ අයථා වත්කම් නඩුවේ තීන්දුවට දින නියම වෙලා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටිය දී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාවට අදාළ නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ තීන්දුව ලබන මස 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේ දියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මූලික විරෝධතා මතුකර ඇත්තේ.

2010 වසරේ සිට 2015 දක්වා කාලයේ දී අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...