27 C
Colombo
Thursday, May 16, 2024

දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

- Advertisement -

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබු අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.

පෙත්සම්කාරිය කියා සිටියේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...