29 C
Colombo
Saturday, May 4, 2024

හොරපෙට නුදුරින් දුම්රිය මාර්ගයේ කාන්තා මළසිරුරක්

- Advertisement -

හොරපේ – එඩේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ වැටි තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (16) හමුවූ බව රාගම පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ හොරෙපේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මිටර් 100 පමණ දුරින් දුම්රිය මාර්ගයේ සිරුර වැටි තිබුණ බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවල, රාජගිරිය, පාසල් මාවතේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් බවට හදුනාගත් බවට පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ සිදුකළ මූලික විමර්ශනවලදී ඇය පෞද්ගලික නිතිඥ සමාගමක සම්බන්ධිකරණ නිලධාරිණියෙකු වශයෙන් සේවය කරමින් සිටි තැනැත්තියක් බවයි.

සිද්ධිය වු ස්ථානයේ තිබූ මරණකාරියට අයත් අත් බෑගයක් සහ ජංගම දුරකතනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත් බෑගයේ තිබී අනුරාධපුරය සිට කොළඹ කොටුව බලා අද උදේ පිටත්වූ දුම්රියේ ගමන්කිරීම සඳහා ලබා ගත් ටිකටි පතක්ද වු බවයි පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...