24 C
Colombo
Thursday, March 30, 2023

වාහන ආනයන තහනම ගැන තීරණයක් ගැනීම මේ වසර අගදී – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

- Advertisement -

රට තුළ වසර දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තොග තිබුණු බවත්, මේ වන විට තහනම් කර ඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීම, මෙම වසර අවසානයේ දී සලකා බලන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (23) දින පාර්ලිමේන්තුවේ දී මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“2019 අග වන විට පසුගිය රජය විදේශ විනිමය ණය අසීමිත ලෙස ගෙන තිබූ නිසාත් කොවිඩ්-19 වසංගතය නිසාත් ශ්‍රී ලංකාවේ විනිමය අන්පාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට අපේ රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවුණා. ඒ් සඳහා උපයෝගී කරගත් ඒක් ක්‍රම භාවිතයක් තමයි තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මත 2020 මාර්තු 01 දින සිට ආනයන සීමා පැනවීම. මේ යටතේ මෝටර් රථ ආනයනය ද සීමා කරන්න අපට සිදුවුණා. අපි බෙහෙත් වගේ දේවල් සීමා කළේ නැහැ.

මේ රටේ අවුරුදු දෙකකට පමණ ඇතිවෙන්නට වාහන තිබුණා. ඒ් නිසා ඒ්වාත් සැලකිල්ලට අරගෙන තමයි අපි ඒ් තීන්දුව ගත්තේ. මේ විදේශ විනිමය අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ සියලු රටවල් පාහේ මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒබැවින් ඉන් ආර්ථිකයට වන බලපෑම් අවම කිරීම සඳහා ඒම රටවල් ද විවිධ ක්‍රමවේද අනුගමනය කර ඇති බව අපි දකිනවා. සමහරක් රටවල් අසීමිත ලෙස මුදල් අච්චු ගහලා තිබෙනවා. සමහරක් රටවල් පොලී අනුපාතය බිංදුවට අඩු කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද මෙම බලපෑම නොකඩවා තවදුරටත් පැවතුණ බැවින් විවිධ අවස්ථාවන් හිදී ආනයන අපනයන පාලක විසින් වාහන ද ඇතුළුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබෙනවා. මේ පිළිබඳව ගැසට් පත්‍ර මගින් ආනයනකරුවන් ඇතුළු මහජනතාවට විවිධ අවස්ථාවල දී දැනුවත් කර තිබෙනවා.

වාහන ආනයනය මගින් විදේශ විනිමය අනුපාතය ස්ථාවරභාවයට බලපෑමක් ඒල්ල වන බව අපි දන්නවා. වාහන සඳහා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1 ක පමණ මුදලක් වෙන්කර තිබෙනවා. ඒ් මුදල් අපට අඩුකර ගත හැකිනම් අපේ මතය තමයි දුර්වල සංචිත ප්‍රමාණය පාලනය කරගැනීමට හැකිවෙනවා කියලා අපි හිතනවා. කෙසේ වුවද ආනයන සීමා පැනවීමට පෙර නැව්ගත කරන ලද වාහන මෙරට වරායන් හි ගොඩගැසීම හේතුවෙන් ඇති වූ තදබදය සමනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒමෙන්ම ඒම ආනයනකරුවන් සඳහා සහන සැලසීම සඳහා අවස්ථා කිහිපයක දී වරායට පැමිණ ඇති වාහන නිදහස් කිරීමට ආනයන අපනයන පාලක උපදෙස් ලබා දී තිබෙනවා.

අපට හැකි අවස්ථාවල දී සහන ලබා දීලා තිබෙනවා. ඒ් වුණාට සමස්තයක් විදියට අපි පිළිගන්නවා මේ වාහන අපේ රටේ තියෙන නිසා අපට පුළුවන් වුණා වාහන අලුතෙන් ආනයනය නොකිරීමට, ඒ් තහනම දිගටම පවත්වා ගෙන යන්නට. මේ අවුරුද්ද අන්තිම වෙන කොට විතර අපට ඒ් ගැන නැවත සලකලා බලලා තීරණයක් ගන්න පුළුවන් වේවි. මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත ඒම සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...