30 C
Colombo
Monday, March 20, 2023

බිත්තර 4කට රුපියල් ලක්ෂ පහක දඩයක්..!

- Advertisement -

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සදහා වරද පිළිගත් වෙලෙදසලකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි එස්. මැණිකේ නියෝග කළා.

උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4 ක් රුපියල් 260 ක මිලකට අලෙවි කළ බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන කෝප් සිටි වෙලෙද ආයතනයටයි එලෙස එම දඩ මුදල ගෙවිමට සිදු වුනා.

ඉකුත් 19 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති ගැසට් නි්නය අනුව සුදු බිත්තර එකක් විකිණිමට හැකි උපරිම සිල්ලර මිල ුපියල් 43 ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව බලන්ගොඩ නගරයේ සිදු කළ වැටලිමි වලදි උපාය දුතයකු මගින් එම වෙලෙදසලින් බිත්තර මිල දි ගත් බවත් එක් බිත්තරක් රුපියල් 65 බැගින් බිත්තර හතරක් සදහා රැපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරියේ නිළධාරින් පැවසුවා.

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සදහා වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළා.

රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන එම වැටලිම සිදු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.