26 C
Colombo
Thursday, May 9, 2024

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

- Advertisement -

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලා සිටියා.

එමෙන්ම ඔහු ඉල්ලා ඇත්තේ තමාට කියවීමට පොත් හෝ පුවත්පත් ලබාදෙන ලෙසයි.

මෙම ඉල්ලීම් සිදුකෙරුණේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ඉන් පළායාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනාවලට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබුවා.

ඒ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේයි.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට හරක් කටා නඩු වාරයට රැගෙන විත් තිබිණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා එහිදී දැනුම් දුන්නේ ඉකුත් නඩු වාරයේදී විත්තිය ඉල්ලූ පරිදි සැකකරුට නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට පහසුකම් සැලසූ බවර්‍යි.

නමුත් “හරක් කටා” වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙලෙස අධිකරණයේදී චෝදනා කිහිපයක් කරනු ලැබුවා.

ඔහු පැවසුවේ සැකකරු හමුවීමට නීතීඥයන් හා ඥාතීන් පැමිණි විට පොලිස් නිලධාරීන් ඔවුන් සමීපයෙන්ම සිටින අතර එම සාකච්ඡා පටිගත කරන බවයි.

එය ඔවුන්ට අදහස් හුවමාරු කරගැනීමට බාධාවක් මෙන්ම සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවටයි ඔහු චෝදනා කළා.

ඒ ගැන අවධානය යොමුකළ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ලට යෝජනා කළේ හඬ රහිත ආරක්ෂිත කැමරා (CCTV) ඔස්සේ පමණක් සැකකරු නිරීක්ෂණය කිරීම පිළිබඳ සොයාබලන ලෙසය.

සැකකරුගේ නීතීඥවරයා මෙලෙස තවත් ඉල්ලීම් කිහිපයක් සිදුකළා.

“ස්වාමිනි, මගේ සේවාදායකයා සිටින කුටිය තුළ මේ දිනවල පවතින්නේ දැඩි රස්නයක්. ඔහුට ෆෑන් එකක් ලබාදීම පිළිබඳ සලකා බලන්නැයි මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම කුටියට ආලෝකය එන්නේ ඉතාම කුඩා කවුළුවකින්. මුළු දවස පුරාම කුටියේ ලයිට් නිවන්නේ නැහැ. එය මගේ සේවාදායකයාට නිදාගැනීමට බාධාවක්. ඒ වගේම මගේ සේවාදායකයාට රැඳවුම් කුටිය තුළදී කියවීමට පොතක් හෝ පුවත්පතක් අවශ්‍යයි. මේ ගැන අවධානය යොමු කරන ලෙස මා ඉල්ලීමක් කරනවා.”

ඊට ප්‍රතිචාර ලෙස රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම ඉල්ලන පහසුකම් බන්ධනාගාරයක තිබෙන පහසුකම් නොවන බවයි.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සැකකරුවන් වෙනුවෙන් සිදුකළ යුතු සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.

මෙහිදි රජයේ නීතිඥවරයා, නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සෑම නඩුවාරයකදීම අධිකරණයට ගෙන ඒම ආරක්ෂක හේතු මත සුදුසු නොවන බැවින් මාර්ගගත ක්‍රමවේදයට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කළා.

එහිදී විත්තිය නීතිඥයින් ඒ පිළිබඳ සැකකාර නඳුන් චින්තකගේ අදහස විමසූ අතර ඔහු දැනුම් දුන්නේ නඩු වාර සඳහා අධිකරණයට පැමිණීමට තමා කැමති බවයි.

නඩුව මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...