එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන සිම්බාබ්වේ දේශයේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ප්‍රේක්ෂකාගාරයක් තුළ මෙම ගින්න හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගින්න හේතුවෙන් හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීමට බාධාවක් නොවන බව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නොමැති බවට වාර්තා වෙනවා.